Nomadland ලබාගත් සම්මාන වලට සාධාරණයක් කලේද?...
Nomadland ලබාගත් සම්මාන වලට සාධාරණයක් කලේද?...
මුලින්ම සඳහන්කල යුත්තේ Best Picture යන්නට, 'හොඳම චිත්‍රපටය' යන සිංහල වචනය උචිත නොවන වගයි..Best Picture යනුවෙන් සම්මානය හිමි වීම ගැන විමසා බැලුවොත් චිත්‍රපටයකට Best Picture සම්මානය ලබා දෙන්නේ දෘශ්‍රය මාධ්‍යය ප්‍රබල වීම සලකා බලා වෙයි....නැරඹීම හරහා නරඹන්නාට වැඩි යමක් චිත්‍රපටයක් තුලින් ලබා දීම සාර්ථක නැත්නම් චිත්‍රපටයක ප්‍රධානතම කරුණයි...දෙවනුව ශ්‍රව්‍ය මාධ්‍යය දෘශ්‍ය මාධ්‍යය සමඟ මනාව සුසංයෝග ගත කිරීමත් වැදගත් වෙයි.....මෙසේ ශ්‍රව්‍ය මාධ්‍යය දෘශ්‍ය මාධ්‍යය දෙකම මනාව සුසංයෝග වු චිත්‍රපටයක් හොඳ චි චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකි වනවා...නමුත් Best Picture සම්මානය ප්‍රදානය කරනුයේ රූපය නැත්නම් දෘශ්‍ය මාධ්‍යය හරහා තේමාව ප්‍රබලවම සම්ප්රේෂණය කරන චිත්‍රපටය සඳහා වෙයි...
1927 දී පලමු වරට Best Picture (එකල Unique and Artistuc Picture ) සඳහා වන ඇකඩමි සම්මානය හිමි කරගන්නේ Wings නම් නිහඬ චිත්රපටයයි...ඇකඩමි ඉතිහාසයේ එම සම්මානය හිමිකරගත් එකම නිහඬ චිත්රපටය වන්නේද එයයි...එනම් Best Picture සඳහා අනිවාර්යෙන් කලින් කියු පරිදි දෘශ්‍ය මාධ්‍යය නැත්නම් දකින දේ හරහා වැඩි යමක් ප්‍රේක්ෂකයාට සමීප කල යුතු වනවා...නොමැඩ්ලෑන්ඩ් චිත්‍රපටය ගැන අවධානය යොමු කලහොත් එහි පැය පැයයි විනාඩි පනහක කාලය පුරාවට චිත්‍රපටය මඟින් ලබා දෙන ප්‍රබල කතා තේමාව රූපරාමු දහයකින් ලබා දිය යුතු දේ තනි රූපරාමුවකින් ලබා දෙන ආකාරයට සමාන යැයි කිව හැකිය...එනම් චිත්‍රපටය පුරාවට දෘශ්‍ය මාධ්‍යය ප්‍රබලව ප්‍රේක්ෂකයාට සමීප කරවයි...එයින් අධ්‍යක්ෂකවරයාගේ දක්ෂතාවයද පෙන්නුම් කරන නිසාම ක්ලෝ.ඒ හට හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන හිමිවීමත් පුදුමයට කරුණක් නොවනු ඇත....
දෙවනුව දෘශ්‍ය මාධ්‍යය හරහා ලබාදෙන පණිවිඩය....ඇකඩමි සම්මාන ඉතිහාසය පුරාවට හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනාගත් චිත්‍රපට හා ඒ සඳහා නිර්දේශ චිත්‍රපට වල පොදු කරුණක් ලෙසද මෙයද ඔබට වැටෙහෙනවා ඇති...එනම් නරඹන්නාට යමක් ප්‍රබලව දැනවීම...කතාව හරහා යම් සමාජ කොට්ඨාසයක් හෝ වේවා යම් පොදු සමාජ ගැටළුවක් හෝ වේවා යම් චරිතයක ප්‍රබලත්වය හෝ වේවා හරහා මුළු මහත් ලෝකයාම චිත්‍රපටය තුලින් ආමන්ත්‍රණය කිරීමට සමත් විම එකී චිත්‍රපට සියල්ල මෙන්ම නොමැඩ්ලෑන්ඩ් චිත්‍රපටයේද සුවිශේෂීත්වයක් වනවා...
නොමැඩ්ලෑන්ඩ් චිත්‍රපටයේ එක් එක් රූපරාමු හරහා ගෙනු එනු ලබන්නේ ප්‍රධාන චරිතය වු ෆර්න් මුහුණ දෙන අභියෝග හා ඇය වටා සමාජ වපසරිය ගැනයි..කාන්තාවක් ලෙස ඇය තමන්ගේ ජීවිත චාරිකාව ගෙන යනආකාරය,එහිදි ඇයට මුණ ගැහෙන අය සමඟ ගණුදෙනු කරන ආකාරය,ඇයට හිමි වන හා අහිමි දේවල් වලට ඇය ප්‍රතිචාර දක්වන ආකාරය පමණක් නොවෙයි ඇයට හමුවන අය තුළින්ද යම් අනුකතාවක් දැක්වීම තරම් චිත්රපටය විහිඳ ඇති වපසරිය චිත්‍රපටයට විවිධත්වයක් හා ප්‍රබලත්වයක් සපයනු ලබනවා...
අධ්‍යක්ෂකගේ ප්‍රබලත්වය නම් රූපරාමු හැසිරවීමයි...ෆර්න්ගේ ලෝකය ඉර පායන විට සුවඳහමන මල් මෙන් සුන්දර නැත...එය ඉර පායන විට පිපෙන කටු මල් පතොක් මල් වැනිය....ඒ බව රූපරාමු සාක්ෂි දරයි....ක්ලෝ.ඒ මේ චිත්‍රපටය පුරාම අපව ෆර්න් චරිතය ජීවමාන කරවීමට සමත් වී ඇත....චරිත වල හැසිරීම හා හැසිරවීම ගැන අවධානය යොමු කලොත් මෙය චිත්‍රපටයක චරිත වලට වඩා සැබෑ චරිත යැයි කිව හැකි වන පරිදිම තාත්වික වේ...එසේ ගෙන ඒමට චිත්‍රපටයට වාර්තාමය චිත්‍රපට ස්රූපයක් එකතු කර ඇති බවද දැකිය හැකි වෙයි...ෆර්න් ලෙස රංගනයෙන් දායක වන ෆ්රැන්සර්ස් මැක් ඩෝර්මන්ඩ් හොඳම නිළිය සම්මානය හිමිකරගැනීමත් පුදුමයකට කරුණක් නොවන බව කිව හැකිය...
චරිත පමණක් නොවෙයි අවස්ථා හැසිරවීම පවා තාත්විකව ගෙන ඒමට අධ්‍යක්ෂිකාව සමත් වී ඇත...පිඟානෙන් කෑම ගිලිහීම,පිරිසිදු කරන ගල් කැබලි ගිලිහීම වැනි කුඩා සිදුවීම් වලින්ද තාත්විකයක් ජීවගුණයක් චිත්‍රපටය ගෙන ඒමට ක්ලෝ.ඒ සමත් වී ඇත...එමෙන්ම චරිත එකිනෙකා සමඟ පවත්වන අනෝන්‍යය සම්බන්ධතා වලදී හමුවීම්,වෙන්වීම් ආගන්තුක බව මේ සියල්ල චිත්‍රපටය මුල සිට සැබෑ චරිත දෙස බලා සිටින බවක් ගෙන ඇවිත් ඇත...නවකතාවක් පාදක කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදි අපහසුම දේ නම් නවකතාව ඒ ආකාරයෙන්ම චිත්‍රපටයකට ගෙන ඒමටයි...එවැනි අවස්ථාවලදී චිත්‍රපටයේ චරිත වල සැබෑ ස්රූපය දැනගැනීමට නම් නවකතාවත් කියවිය යුතු වනවා...The White Tiger මෑත කාලයේ එකී කරුණට හොඳම උදාහරණයයි...නොමැඩ්ලෑන්ඩ් චිත්‍රපටයට පාදක වී ඇති Jessica Bruder ගේ නවකතාව කියවා නැති වුනත් චිත්‍රපටය නවකතාවට උපරිම සාධාරණයක් කර ඇති බව කිව හැක්කේ කලින් කියු පරිදි රූපරාමු අඩු ගනනකින් වැඩි යමක් ගෙන ඒම හෙවත් දෘශ්‍ය මාධ්‍යය ප්‍රබලව සම්ප්‍රේෂණය කර ඇති නිසාම වෙයි...
සමස්තයක් ලෙස අවසානයේ කීමට ඇත්තේ නොමැඩ්ලෑන්ඩ් යනු ඇත්තටම ඇකඩමි සම්මාන උළලේ ලැබුණු සම්මාන වලට සාධාරණයක් කල චිත්‍රපටයක් බවයි...එසේම මෙවර Best Picture සම්මානය Nomadland චිත්‍රපටයක හිමිනොකරගත්තා නම් එය හිමි කරගැනීමට තිබු චිත්‍රපටය The Father චිත්‍රපටයයි...
-අනුෂ්ක රසාංජන ද සිල්වා-





Comments
Post a Comment