Promising Young Women ඇකඩමි සම්මානයට සුදුසුද?...


Promising Young Women ඇකඩමි සම්මානයට සුදුසුද?...


මේ අවුරුද්දේ ඇකඩමි සම්මාන උළලේ හොඳම තිරරචනය (Best Original Screenplay) සම්මානය දිනාගත් Promising Young Women චිත්‍රපටය නැරඹීමට බොහෝ කල් ගෙවුනත් අවසානයේ චිත්
රපටය නැරඹීම ගැන සතුටු වුනේ චිත්‍රපටය හොඳම තිරරචනය සඳහා වන සම්මානය දිනාගත්තේ ඇයි යන්නට පිළිතුර ද ලැබුන නිසාවෙනි...

චිත්‍රපටයක වැදගත්ම කොටස එහි තිරපිටපත වෙයි.....තිරරචකයාගේ විශිෂ්ඨත්වය චිත්‍රපටය තුල ප්‍රේක්ෂකයාව රඳවා තබානීමට පමණක් නොව චිත්‍රපටයඅවසානයේ චිත්‍රපටය ගැන නැවත සිතන්න යමක් ඉතිරි කල යුතුය යන්න තැන මම පසුවෙන නිසා මේ චිත්‍රපටය ගිය වසරේ නිකුත් වු ඇකඩමි සම්මාන උළලේ අවසන් වටයට නිර්⁣දේශිත අනෙක් චිත්‍රපට හා සැසදීමේදි සුවිශේෂි කරුණ ලෙස පෙන්වා දිය හැකිවේ...

අනෙක් කරුණ නම් විශිෂ්ඨ තිරපිටපතක කතා වස්තුවක් ප්‍රබල වීමට හේතු වන මූලික කරුණු එනම් Exposition හෙවත් ආරම්භය, Inciting Incident හෙවත් යම් සිද්ධියක් උද්දීපනය වීම නැත්නම් ඇවිස්සීම, Rising Action හෙවත් සටනක ආරම්භය, Crisis හෙවත් අවධානම් තත්වයක් ඉස්මතු වීම , Climax හෙවත් උච්චතම අවස්ථාව ,Falling Action හෙවත් සටන අවසානය හා අවසනානය හෙවත් Resolution යන කරුණු මේ තිරපිටපතේ ප්‍රබලව ඉස්මතු වී පෙනන දෙයක් වෙයි...තිරපිටපත් ව්‍යුහයක් අනුව එනම් 3 Act,5 Act හෝ Black Snyderගෙ Save the Cat වැනි ව්‍යුහයන්ට (සිනමා තක්සලාව සමූහයේ මෙකී ව්‍යුහයන් සම්බන්ධව ලිපි පළ කර ඇත...) අනුකූලවම සකස් විය යුතුය යන්න රීතියක් හෝ අනිවාර්ය කරුණක් හෝ නොවුනත් ඉහත පොදු මූලික අවස්ථා සපුරාලීම චිත්‍රපටයක සාර්ථකත්වයට හේතු වන බවට ඇති බොහෝ උදාහරණයන් අතරට මේ චිත්‍රපටයද නිසැකවම එකතු වනවා...ගිය වසරේ නිකුත් වු Mnari,The Trial of the Chicago චිත්‍රපටවලද මෙකී කරුණ ඉස්මතු වුවත් අවසානයේ ඊට වඩාත් සුදුසුම චිත්‍රපටයට ඒ සම්මානය හිමි වූවා යැයි මගේ පෞද්ගලික මතයයි...

අනෙක් කරුණ සංකේත හා සංඥා භාවිතය... චිත්‍රපටය පුරාවටම තිරරචකයා,අධ්‍යක්ෂකවරයා හා සිනමැටෝග්‍රැෆිකරණය ශිල්පියා අපට නොකියා පවසන ප්‍රධාන කරුණ නම් මේ චිත්‍රපටයේ Protogonist වන කැසී යනු සමලිංගික හා විශාදය වැනි මානසික ආබාධයකින් පෙළෙන කාන්තාවක් බවයි....බිඳී ගිය හදවතක හැඩයක් ගත් පළඳනාවක් Motif එකක් ලෙස යොදාගැනීම,ඇඟිලි පහ නිල් කොළ කහ රෝස තැඹිලි ආදි වර්ණ පහකින් වර්ණ ගන්වා තිබීම පෙන්වීම පසුතලයන්ට අදාල වර්න වල සංකලනයන් මුසු කිරීම වැනි සංඥා හරහා ඇය සමලිංගික කාන්තාවක් බව චිත්‍රපටය පුරාම වචන වලින් තොරව සංකේතාත්මකව නිරූපණය කරනු ලබනවා...එමෙන්ම චිත්‍රපටයේ කතා වස්තුව හෙවත් ප්ලොට් එක අනුව ඇය වසර ගනනාවක් තම මිතුරිය වෙනුවෙන් සියල්ල අත්හැරදමා තමන්ගේ ලෝකයක තනිවනවා...කොටින්ම ඇයගේ වෛද්‍යවරියක් වීමේ සිහනය පවා ඇය අත්හරිනවා...අවසානයේ ඇය ඇයවත් අහිමි කරගන්න බවට හොඳම උදාහරණය ඇයට ඇයගේ උපන්දිනය පවා අමතක බව පෙන්වමින්ය...එපමණ කැපකිරීම් සිදුකරන්න මිත්‍රත්වයකට එහා ගිය යමක් ඇය තුල තිබු බව සංකේත වලින් තොරවත් අවධානය යොමු කරවන්න උත්සහ කල කරුණක් ලෙස සිතන්නට හැකි වේ..එකී කරුණ සංවාදයට විවෘතයි....

අනෙක් කරුණ වන ඇයට විශාදය හෝ එවැනි මානසික රෝගයක් ඇති බව ඇයගේ මව විසින් වෛද්‍යවරයෙක් ගැන සඳහන් කරන මොහොත හා ඇයගේ චරිත ලක්ෂණ මඟින් පෙන්වා දෙයි....මාර්ගය අවහිර වනසේ වාහනය නවත්වා පිටුපසින් පැමිණෙන වාහනයට පහර දී පසුව ඇය ඒ ගැන පසුතැවීම හරහා ඇයගේ මානසික අසමතුලිතාවය මැනවින් පෙන්වන්නටද තිරරචනය තුලින් සමත් වී තිබෙන නිසා තිරරචකයා තිරරචනයේදි සියල්ල හෙළි කර අවසානයේ ප්‍රේක්ෂකයාට සිතන්නට යමක් ඉතිරි නොකිරීමේ කරුණින් බැහැර වී ඇති බවද කිව හැකිය...

ඊළඟ තිරපිටපතක වැදගත්ම සාධකය වන දෙබස් වල ප්‍රබලත්වය...උදාහරණයක් ලෙස පහත ⁣දෙබස සැලකුවොත්, "What kind of person Forget their 30 th Biryhday ?" ,ඒ දෙබස කැසීගේ වත්මන තත්වය ගැන ලබා දෙන ප්‍රබලම ඉඟියයි....මේ සියල්ල අවසානයේ අවසන් වශයෙන් සඳහන් කිරීමට ඇත්තේ Promising Young women හෙවත් ප්‍රාපේක්ෂ්‍යය නැත්නම් බලා⁣පොරොත්තු තැබිය හැකි තරුණ කාන්තාව අවසානයේදී චිත්‍රපටයෙත් ප්‍රේක්ෂකයනගෙත් බලාපොරොත්තු ඉටුකරන අවසානයක් ලබා දෙන චිත්‍රපටයේ තේමාවට ගැලපෙන කතාවක් චිත්‍රපටය තුල අවසානය තෙක් ඇති නිසාම මේ චිත්‍රපටය හොඳම තිරරචනය සඳහා අනිවාර්යෙන්ම සුදුසු වන බවයි...


🔴තිරරචනය සම්බන්ධව කතා කල කරුණු ගැන දැනගන්න සිනමාතක්සලාව සමූහය සමඟ එකතු වන ලෙස ඔබට ආරාධනා කරන අතර පහත ලින්ක් එක හරහා ඔබට සමූහය සමඟ සම්බන්ධ වීමට හැකි වනු ඇත..

-අනුෂ්ක රසාංජන ද සිල්වා-








Comments

Popular Posts