TENET movie explanation





TENET  කියන්නේ  ⁣මේ අවුරුද්දේ සිනමා ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු තියාගෙන හිටපු ප්‍රවීණ දක්ෂ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක  ක්‍රිස්ටෝපර් නොලන්⁣ගේ අළුත්ම චිත්‍රපටය.. කොවිඩ්-19 වසංගතය නිසා අනෙක් ප්‍රධාන පෙලේ චිත්‍රපට සමාගම් එයාලගේ  නිර්මාණ ඉදිරි අවුරුදු  වලට කල් දානකොට ⁣TENET මේ අවුරුද්දේ තිරගත වුනේ අපි නොහිතපු විදියට.....


සුපුරුදු විදිය⁣ට ක්‍රිස්ටෝපර් නොලන් මේ පාරත්  ප්‍රේක්ෂකයන් අතරමං කරවන චිත්‍රපටයක් තමයි අරන් ඇවිත් තියෙන්නේ...Inception,Intesteller වගේ  මේපාරත් නොලන් අරන් ඇවිල්ලා  තියෙන්නෙත් තරමක වෙනස් විද්‍යාත්මක සංකල්පයක් පාදක කරගෙන....ඒ තමයි භෞතික විද්‍යාවේ එන්ටොප්‍රි සංකල්පය...එන්ට්‍රොෆි කියන්නේ සරලවම ශක්ති පරිවර්තනයකදී ශක්තිය විසුරුවා හැරීම...මේ විශ්වය නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ විසුරුවා හැරීමේ ක්‍රියාපටිපාටියට අනුවයි...මහා පිපිරුම් වාදය යනු විශ්වයේ ආරම්භ ගැන කියවෙන සංකල්පයයි...ඒකේ විදියට විශ්වය ගෙවෙන මොහොතක් පාසා ප්‍රසාරණය වෙමින් නැත්තම් විසිරෙමින් තමයි තියෙන්නේ....ස්භාවධර්මය උදාහරණයකට ගත්තොත් ශාක,ජීවීන් උපතේ සිට මියදෙන මොහොත තෙක් වෙන්නෙත් විසිරීමයි....වීදුරුවක් බිම වැටෙන එක,තුවක්කුවකනින් උණ්ඩයක් පිටවෙන එක මේ හැමදේම විසිරීමේ නීතියට යටත්...කාලය නම් මානයට සාපේක්ෂව විශ්වයේ ඇති සියළුම දේ විසිරෙමින් පවතින්නේ...එ් කියන්නේ ඉදිරියට යන එන්ට්‍රොෆියකට විශ්වය නතු වෙලා තියෙනවා...

එන්ට්‍රොෆිය ඉදිරියට ක්‍රියා කරනවා වෙනුවට ආපස්සට නැත්නම් ප්‍රතිලෝමව ක්‍රියා කලොත් මොකක් වේවිද...සිතන්න මහා පිපුරුම් වාදය ආපස්සට සිදු වී විශ්වය හැකිලීමකට ලක් වුවොත් මොනා වේවිද...එහෙම වුනොත්  කාලය ආපස්සට යනවා වගේ දෙයක් වෙන්නේ......

අන්න ඒ සංකල්පය තමයි නොලන් මේපාර අරන් ඇවිල්ලා තියෙන්නේ...


අනාගතය වර්තමානයට යුද්ධය ප්‍රකාශ කරලා තියෙන වෙලාවක අනාගතය, වර්තමානය විනාශ කිරීමට ප්‍රතිලෝම,නැත්තම් අපවර්තන තාක්ෂණයක් පාවිච්චි කරනවා...එ්කෙදී වස්තූන් වගේම මිනිසුන්ගේ එන්ට්‍රොෆි ආපස්සට හරවලා කාලය හරහා ආපස්සට ගමන් කරනවා වගේ එකක් තමයි TENET චිත්‍රපටයේ මූලික අදහස......මේ චිත්‍රපටය බලන්න කලින් තේරුම් ගන්න ඕන ⁣මේක කාලතරණයක් නෙවෙයි වගේම ගැන මේක ගැන අවබෝධ කරගන්න ඕන සරලම සිද්ධාන්තය තමයි "වෙච්ච දේ වෙලා ඉවරයි" කියන එක...


දැන් මං මේ හදන්නේ චිත්‍රපටය මුල ඉඳන් සරලව තේරුම් කරන් යන්න...ආපහු මතක් කරනවා,චිත්‍රපටය බැලුවේ නැත්තම් මේක කියවන්න එපා...


කතාව ආරම්භ වන්නේ ජෝන් ඩේවිඩ් වොෂින්ටන් CIA නියෝජිතයෙක් විදියට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන ඔපෙරා සංගීතයකට කඩා පැනලා ඇති වන කලබලයක දර්ශනයකින්....මේ චිත්‍රපටයේ කොතනදිවත් වොෂින්ටන්ගේ් චරිතයේ නම මොකද්ද කියන්නේ නැහැ...ඒ වෙනුවට කියන්නේ Protagonist නැත්තම් ප්‍රධාන නළුවා කියලා...ඒ නිසා ඉස්සරහට මං දිගටම වොෂින්ටන් කියන නම් පාවිච්චි  කරන්නම්...ඔපෙරා හවුස් එකෙන් එළියට ඇවිත් අන්තිමට සයනයිඩ් කරලක් කියලා බොරු පෙතතක් ගත්තට පස්සේ වොෂින්ටන්  අවදි වෙන්නේ මුහුදේ ගමන් කරන යාත්‍රාවකින්...එ්කෙදී එයාගේ ප්‍රධානියා එයාට රාජකාරියක් පවරනු ලබනවා...ඒ වෙලාවේ ප්‍රධානියා මෙහෙයුම ගැන කියන්නේ, ඒකේ නම  TENET කියලා විතරයි......


ඊට පස්සේ CIA නියෝජිතයන් වොෂින්ටන්ව බෝට්ටුවකින් අරන් ගිහිං  සුළං මෝලක නවත්වනවා...අපිට චිත්‍රපටයේ හමුවන පලමු වන ගැටළුව අැයි එතන නවත්වලා යන්නේ කියන එක.... ඒකට හේතුව තමයි මේ වෙනකොටත් මෙහෙයුමක  ඉන්න වොෂින්ටන්ගේ අනාගතය , වර්තමානයේ වොෂින්ටන්ගෙන් ඈත් කරලා තියාගන්න ඕන නිසයි...


වොෂින්ටන් ඊළඟට යන්නේ විද්‍යාගාරයක් වගේ තැනකට...එතනදී හමුබවෙන විද්‍යාඥවරිය වොෂින්ටන්ට ඔපෙරා හවුස් එකේදී නාදුනන කෙනෙක් බේරගත්දී දකින විදියේ ප්‍රතිලෝම (inverted)නැත්තම් අපවර්තිත  උණ්ඩ පෙන්නනවා...එතනදී කියන වැදගත්ම දේ තමයි ප්‍රතිලෝම නැත්නම් අපවර්තිත වස්තුවක් ආපහු ගන්න නම් ඒක අතඅරින්න ඕන කියලා...එ කියන්නේ අපි හිතුවොත් ⁣මං මේක අතඅරිනවා කියලා,ඒක අපේ අතට ආපහු එන එකයි වෙන්නේ... "Don't think it feel it " කියලා තමයි වොෂින්ටන්ට කියන්නේ...


වොෂින්ටන් මේ ප්‍රතිලෝම නැත්තම් අපවර්තිත උණ්ඩ බෙදාහරින කෙනා හොයාගෙන ඉන්දියාවේ මුම්බායි නගරය එනවා..එ⁣හෙදී තමයි මෙයාගේ සහයට නීල් (රොබට් පැටින්සන්) හමුබවෙන්නේ...එයා එක්ක මේ උණ්ඩ ජාවාරම කරන කෙනා හම්බවෙන්න කඩා පැන්නට පස්සේ තමයි දැනගන්නේ මේ ජාවාරම කරන්නේ කාන්තාවක් කියලා...බොලිවුඩ් නිළි ඩිම්පල් කපාඩියා තමයි ප්‍රියා විදිවට මේ චරිතයට ඉන්නේ...ප්‍රියා මේ ටෙනට් එක ගැන දන්නවා වගේම එයාම තමයි චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතය ඇන්ඩ්‍රේයි  සේටර්ට අපවර්තිත උණ්ඩ විකුණන්නෙත්...අනාගතය වර්තමානය යුද්ධයේ අනාගතයේ නියෝජිතයා විදියට තමයි සේටර්ගේ චරිතය අපිට දකින්න පුළුවන් වෙන්නේ..


අනාගතය කියන්නේ ලෝකය ලොකු විපර්යාසයකට ලක් වෙලා මුහුද ගොඩගලලා ගොඩබිම වතුර නැතිව විනාශ වෙලා ගිය ලෝකයක්...ඉතිං අනාගතයට ඕන බේරෙන්න විදියක්...ඒක කරන්න පුළුවන් වෙන්නේ අතීතයේ කොතැන හරි හංගලා තියෙන ඇල්ගොරිතම් එකෙන්..ඒ ගැන ඉස්සරහට කතා කරමු...ඉතිං ඒකට උදව් කරන්න අතීතයෙන් නැත්තම් අපි චිත්‍රපටයේ දකින කාලයෙන්අනාගතය උදව් ගන්න කෙනා තමයි සේටර්....සේටර් හරි වෙලාවේ හරි තැන හිටපු නිසා එයාව තෝරගත්තා කියලා තමයි කියන්නේ...කොහොම හරි ඇල්ගොරිතම් එකේ කොටස් 9 එකතු කරලා කරලා අනාගතය බේරගන්න සේටර්ට ගෙවීම් කරන්නේ අපවර්තනය කරපු රත්තරං වලින්..දැන් ඊළඟ සිද්ධියට යමු... 


ඊළඟට අපිට මේ චිත්‍රපටයෙක් හමුවෙනවා නොලන්ගේ හැම චිත්‍රපටයකම වගේ දැකලා පුරුදු මූණක්,ඒ තමයි මියකල් කේන්...එයා තමයි කියන්නේ වොෂින්ටන්ට සැටර් පස්සේ යන්න තියෙන හොඳම අවස්ථාව සේටර්ගේ බිරිඳ කැට් කියලා...වොෂින්ටන් කැට්ට සමීප ⁣වුනාට පස්සේ කැට්ව බේරගන්න සැටර් හංගන් ඉන්න චිත්‍රය හොරකම් කරන්න නීල් එක්ක සැලසුමක් හදනවා....ස්විස් බැංකුව වගේ බදුනොගෙවා හොරෙන් කලාකෘති තියන් ඉන්න ගුවන් තොටුපලක ගොඩනැගිල්ලකට ප්ලේන් එකක් අරන් අැවිත් කරන මෙහෙයුමේදී එකපාරටම මුළු ඇගම කළු වලින් වහගෙන ඉන්න දෙන්නෙක් නීල් සහ වොෂින්ටන් දෙන්නාට හම්බවෙනවා... 

එක්කෙනෙක් වොෂින්ටන්ට පහර දෙනකොට අනිත් කෙනා නීල් ගෙන් පැනලා යනවා...කොහොම හරිඅන්තිමට සැලස්ම අසාර්ථක  වෙන්නේ චිත්‍රය එතන නැති නිසයි...ඒකෙන් සේටර් මේ සැලසුම දැනගෙන ඉඳලා තියෙනවා කියලා අපිට හිතාගන්න පුළුවන්...


මෙතන අවුල් සහගත බවට පිළිතුර හම්බවෙන්නේ වොෂින්ටන් ආපහු ප්‍රියා හම්බවුනාමයි...ඒ වෙලාවේ සේප්පුවේදී හම්බවන දෙන්නම එක්කෙනෙක් කියලා ප්‍රියා කියනවා වගේම අනාගතයෙන් සේටර්ට හම්බවෙන අපවර්තිත ද්වාරය ගැනත් වොෂින්ටන්ට කියනවා....ඒ වගේම ඔපෙරා හවුස් එකේ සිද්ධිය පස්සෙත් ඉන්නේ සේටර් කියලා ප්‍රියා කියනවා...සේටර්ගේ මාර්ගයෙන් අනාගතයේ පහරදීම නවත්වන්න වොෂින්ටන් සේටර්ට ළං වෙන එක තමයි ප්‍රියාට අවශ්‍යය...ඒකට පාවිච්චි කරන්න කියන්නේ කැට්ව...


මෙතන තව දෙයක් තමයි ප්ලුටෝනියම් 241 කියන එක..ප්‍රියා කියනවා සේටර් පෝසත් වුනේ ප්⁣ලුටොනියම් වලින් කියලා... සේටර් ඔපෙරා හවුස් එකට පහර දෙන්නේ ප්ලුටෝනියම් 241 හොයාගන්න කියලා තමයි ප්‍රියා කියන්නේ...ඒ නිසා සේටර්ට ප්ලුටෝනියම් 241 අරගන්න උදව් කරලා සේටර්ගෙන් අපවර්තිත උණ්ඩ වගේම අනාගතය මොනවාද කරන්න හදන්නේ කියන දේ දැනගන්න එක තමයි වොෂින්ටන්ගේ මෙහෙයුම කියලා එයා හිතන්නේ...තාම වොෂින්ටන් මේ ඇල්ගොරිතම් කතාව හරි නැත්තම් ප්ලුටෝනියම් 241 කියන දෙයින් හරියටම මොකද්ද කරන්නේ කියන එක ගැන දන්නේ නැහැ...

ඒත් ප්‍රියා හම්බවෙන්න එන්න කලින් නීල් එක්ක කරන සංවාදයේදි වොෂින්ටන් නීල්ට කියනවා just remember,to you it's all about plutonium" කියලා... එතකොට අපිට ප්‍රශ්නයක් එනවා වොෂින්ටන් ප්ලුටෝනියම් ගැන වැඩි දෙයක් දන්නවාද නැත්තම් එයාගේ මෙහෙයුම ගැන වැඩි දෙයක් දන්නවාද කියලා....


කොහොම හරි වොෂින්ටන් කැට්ගේ මාර්ගයෙන් සේටර්ව හම්බවෙලා එයාට ප්ලුටෝනියම් අරන් දෙන්න ගණුදෙනුවකට එනවා...එතනදී වොෂින්ටන් දකිනවා අනාගතයෙන් සේටර්ට අපවර්තිත රත්තරං වලින් ගෙවීම් කරනවා...ඒක කරන්නේ කෝෂයක් වගේ එකක් ගිහිං කාටවත් හොයාගන්න බැරි තැනක වළලනවා...අනාගතයෙන් අපවර්තනය කරන රත්තරං ඒක ඇතුලේ දාලා එව්වට පස්සේ සේටර් ගිහිං ඒක ගොඩගන්නවා...


ඊළඟට තමයි චිත්‍රපටයේ සංකීර්ණ සිද්ධි වල ආරම්භ පටන් ගන්නේ...වොෂින්ටන් නීල් ප්ලුටෝනියම් 241 ප්‍රවාහනය කරන වාහනයට පහර දීලා ප්ලුටෝනියම් 241 හොරකම් කරන්න යන්නේ සේටර් එක්ක වුන ගණුදෙනුව පියවන්න...එතනදී වොෂින්ටන් නීල් දෙන්නා මේක ප්ලුටෝනියම් වලට වඩා දෙයක් කියලා දැනගන්නවා...කොහොම හරි ප්ලුටෝනියම් 241 රගෙන ආපහු යනකොට නීල් වොෂින්ටන් දෙන්නා දකිනවා ආපස්සට එන වාහනයක සේටර් එනවා...එතනදී සේටර් අපවර්තිත වෙලා එ් කියන්නේ එයා එන්නේ ආපස්සට...මිනිස්සු අපවර්තනය වෙනකොට තමයි මාස්ක් එකක් දාගෙන ඉන්නේ...මෙතන කැට් මාස්ක් එකක් දාගෙන නැති නිසා කැට්ව අපවර්තනය වෙලා නැහැ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ...

ඒ වාහන දෙක මැදට එන සිල්වර් වාහනය (ඒකේ එන්නෙත් වොෂින්ටන් කියලා පස්සේ අපි දන්නවානේ..)ඒකත් අපවර්තිතව තමයි එන්නේ...කැට්ව ⁣බේරගන්න නම් ⁣ප්ලුටෝනියම් කියලා හිතන් ඉන්න එක සේටර් ඉල්ලනවා...එතනදී වොෂින්ටන් පෙට්ටිය විතරක් විසිකරනවා අපි⁣ට පේනවා...කැට්ව වාහනයෙන් බේරගත්තත් තමන්ට දුන්නේ හිස් පෙට්ටිය කියලා දැනගන්න සේටර් වොෂින්ටන් පස්සෙන් ඇවිත් එයාලාව අල්ලගන්නවා...

ඊට පස්සේ සේටර් වොෂින්ටන්වයි කැට්වයි තව අපවර්තිත යන්ත්‍රයක් නැත්තම් turnstile එකක් තියෙන තැනකට එක්කන් යනවා...මෙතනට කැට්ව අරන් එන්නේ අපවර්තන⁣ය වෙලා ඉන්න සේටර්...ඒකයි එයා පිටිපස්සට එනවා වගේ පේන්නේ වගේම ආපස්සට කතා කරන්නේ....ඒ වචන ආපහු හරි විද්යට හරවන්න සේටර් වෝක් -ටෝකි එකක් පාවිච්චි කරනවා...එයා කියනවා ප්ලුටෝනියම් 241 කියලා හොරකම් කරපු එක පෙට්ටියේ නැහැ,ඒක කොහෙද තියෙන්නේ කියලා අහනවා...ඒකට වොෂින්ටන් උත්තරයක් නොදෙන නිසා සේටර් අපවර්තිත උණ්ඩයකින් කැට්ට වෙඩි තියෙනවා....සාමාන්‍ය එන්ට්‍රොෆියක යන කෙනෙක්ට අපවර්තිත උණ්ඩ වලින් වෙන බලපෑම වැඩි කියලා කලින් කියලා තිබුණානේ...ඊළඟ සැරේ ඔළුවට වෙඩි තියනවා කිව්වම වොෂින්ටන් බොරුවට කියනවා ඒක BMW කාර් එක ඇතුලේ කියලා...

එතකොට මෙතනට එනවා සේටර්ගේ ඉදිරියට ගමන් කරන එක්කෙනා නැත්තම් හරිම සේටර්....එයි ඇවිල්ලා වැඩි වෙලාවක් යන්න කලින් නීල් එක්ක ප්‍රියාගේ කට්ටිය ඇතුලට ආවම සේටර්ගේ ඉදිරියට යන කෙනා වගේම  අපවර්තිත කෙනා දෙන්නාම turnstile එක ඇතුලට යනවා...


එතකොට වෙන්නේ සේටර් අතීතයට යන එකයි..අපවර්තනය වෙන කෙනාත් ආපහු ද්වාරයට යන්නේ නැත්තම් ඉදිරියට යන කෙනාට ද්වාරයෙන් එළියට එන්න වෙන්නේ නැහැ....


එතන අවුල පොඩ්ඩක් අපි ලිහාගහු...ඔයා ද්වාරයට ඇතුල් වෙනවා කියන්නේ ඔයා ඔයාවම අපර්තනය කරගන්නවා කියන එක..එතකොට ඔයාගේ එන්ට්‍රොෆිය ආපස්සට යනවා කියන්නේ ඔයා රිවර්ස් යනවා..ඒ කියන්නේ සරලවම අතීතයට යනවා කියන එක...ඒත් මේක කාලතරණයක් කියලා කියන්න බැහැ..මොකද ඔයා අාපස්සට යනකොට ඔයාගෙම ඉස්සරහට යන කෙනාත් හම්බවෙනවා...මෙහෙම හිතන්න,ඔයාට අවුරුදු 20දී ඔයා ද්වාරයෙන් ගිහිං අපවර්තනය වුනොත් ඔයා 20 ඉදන් ආපස්සට යනවනේ...එතකොට ඔයාට සමාන්තරව ඔයාගේ ඉස්සරහට යන කෙනා අවුරුදු 20 වෙනකම් ඉස්සරහට යනවා...දැන් හිතන්න ඔයා අාපස්සට ගිහිං අවුරුදු 15 ක් වුනාම ආපහු ද්වාරයෙන් ගිහිං සාමාන්‍ය තත්වයට එනවා කියලා....එතකොට ඔයා වගේ 03 දෙනෙක් ඉන්නවා...පලවෙනි කෙනා මුලින්ම හිටපු අවුරුදු 20 වෙනම් ගිය ඔයා...දෙවනි කෙනා අවුරුදු 20 ඉදන් 15 ට ආපස්සට එන ඔයා...තුන්වෙනි කෙනා අවුරුදු 15 ඉදන් 20ට යන කෙනා....එතකොට පලවෙනි ද්වාරය ළඟදී අනිවාර්යෙන් ඔයාට අනිත් කෙනා හම්බවෙනවා...දෙවනි ද්වාරය ළඟදී ඔයාලා තුන්දෙනාම හම්බවෙනවා....ඒ විදියට තමයි වොෂින්ටන්ටයි නීල්ටයි එයාර්පෝට් එකේ සේප්පුව ඇතුලෙදී ද්වාරයෙන් එන වොෂින්ටන්ලා දෙන්නා හම්බවෙන්නේ....

හැබැයි ඔයා ආපස්සට ගියාට ඔයාට අතීතය වෙනස් කරන්න බැහැ...මොකද වෙච්ච දේවල් වෙලා ඉවරයි...


හැබැයි මෙහෙම දෙයක් ඔයාට කරන්න පුළුවන්...ඔයාගේ දෙවනි කෙනා,එ කියන්නේ අවුරුදු 20 ඉදන් 15 ⁣ට යන කෙනාටයි අවුරුදු 15 ඉදන් 20ට යන කෙනාටයි පණිවිඩ හුවමාරු කරගන්න පුළුවන්...එතකොට අපි හිතමු අවුරුදු 18 දී ඔයා පාරේ යනකොට වාහනයක හැප්පෙනවා කියලා....ඒක ඔයාගේ තුන්වෙනි කෙනාට විස්තර ඇතුව කිව්වොත් එයාට පුළුවන් ඒ වාහනයට හැප්පෙන එකෙන් බේරෙන්න....අන්න එ විදියට තමයි සේටර් ඉස්සරහට වෙන දේවල් දැනගන්නේ...එයාර්පෝර්ට් එකට වොෂින්ටන්ලා චිත්‍රය හොරකම් කරන්න එන සිද්ධිය වගේම වොෂින්ටන් එයාට හයිවේ එකේදි දෙන⁣ පෙට්ටිය බොරු එකක් කියලා දැනගන්නෙත් ඒ විදියටයි....කාල ද්වි දිශා ප්‍රහාරයක් කියන්නේ ඒකට...


ඒ වගේම මෙකත් ඔළුවට දාගන්න...ඔයා අවුරුදු 15 ට ගිහිං ආපහු අවුරුදු 20 වෙනකම් ඇවිත් 20 පහුවුන ගමන් ඔයා විතරයි ඉතුරු...එහෙනම් අපවර්තනය වෙච්ච තැනට ආවම අපවර්තනය වෙච්ච කෙනා ආපහු එක්කෙනෙක් විතරයි....


මං හිතනවා මේ මං කියපු දේ තේරුම් ගත්තා නම් චිත්‍රපටය සෑහෙන්න දුරට ඔයාලාත් තේරුම් ගනීවි කියලා....මේක ටිකක් සංකීර්ණ දෙයක්...ඒත් මතක තියාගන්න අපි මේ කතා කරන්නේ නොලන්ගේ චිත්‍රපටයක් ගැන....


කැට්ව බේරගන්න තියෙන එකම විදිය එයාවත් අපවර්තනය කරන එක නිසා වොෂින්ටන්,නීල් ඇතුළු කණ්ඩායම අපවර්තනය වෙනවා...ඒ අනුව එයාලා හැමෝම එයාලාගේ දෙවනි කණ්ඩායමක් හදාගන්නවා...එ කණ්ඩායම ආපස්සට යන්නේ....මෙතනදී වොෂින්ටන් ආපහු හයි⁣වේ එකට යනවා....කලින් අපි දැකපු සිල්වර් කාර් එකේ ආපස්සට එන්නේ එතකොට වොෂින්ටන්....අපි දැන් දන්නවා ප්ලුටෝනියම් 241 කියලා වොෂින්ටන්ලා ගන්න ගියේ ඇල්ගොරිතම් එකක කොටසක් කියලා...ආපස්සට එන සේටර් දකිනවා වොෂින්ටන් ඒක විසිකරන්නේ සිල්වර් කාර් එක ඇතුලට කියලා...ඉතිං සේල්ටර්ට කරන්න තියෙන්නේ කාර් එක නවත්තලා තිබුන තැනින් ඒක ගන්න කියලා එයාගේ ඉසසරහට යන ටීම් එකට කියලා ඇල්ගොරිතම් එක අපවර්තනය කරන්න විතරයි.

...ඒ විදියට තමයි සේටර් අතට මුළු ඇල්ගොරිතම් එකම යන්නේ....


ඇල්ගොරිතම් එක කියන්නේ කෑලි 9ක එකතුවක්...ඒකෙන් මුළු ලෝකයම අපවර්තනය කරන්න පුළුවන්...ඒ කියන්නේ ඔයාලා දැක්කනේ මිනිස්සු අපවර්තනය වෙනකොට ඒ පරිසරයට මුහුණ දෙන්න අමාරුයි...කොටින්ම හුස්ම ගන්නත් අමාරුයි..මොකද ඇත්ත ලෝකය හැදිලා තියෙන්නේ විසිර යාමේ නීතියට අනුව...නැත්තම් එන්ටොෆිය විසිරීමේ නියමයට...ඒත් ඇල්ගොරිතම් එකෙන් පුළුවන් ඒක අනිත් පැත්තට හරවන්න...එතකොට ලෝකයේ එන්ටොප්‍රිය දිශාව වෙනස් වෙනවා...එහෙම වුනාම ලෝකයේ දැන් තියෙන හැමදේම විනාශ වෙනවා කියලා තමය් නීල් පැහැදිලි කරන්නේ...ඇල්ගොරිතම් එක පුපුරවලා ලෝකය විනාශ කරලා අනාගතයට ආපහු අපවර්තනය වෙන්න පුළුවන් නැත්තම් ආපස්සට හරවන එක තමයි සේටර්⁣ට අනාගතයෙන් පැවරුණු රාජකාරිය...


දැන් නීල් වොෂින්ටන් කැට් ඔස්ලෝ ගුවන්තොටුපලේ සේප්පු තියෙන තැනට යන්නේ ආපහු ද්වාරය හරහා ඉස්සරහට යන්න...කලින් මං පැහැදිලි කරපු විදියට ඔයාලාට තේරෙන්න ඕන කොහොමද මෙතන වොෂින්ටන්ලා තුන්දෙනෙක් ඉන්නේ වගේම නීල් කැට් දෙපැත්තෙන්ම ඇතුලට යනවා පේන්නේ කියලා....


වොෂින්ටන් ආපහු ප්‍රියා හම්බවුනාම මේ ඇල්ගොරිතම් එක ගැන සම්පූර්ණ කතාවම කියනවා....මේක හදපු විද්‍යාඥවරිය මේක කොටස් නවයකට කඩලා හංගනවා කියලත්...ඉතිං සේටර් හදන්නේ මේ අැල්ගොරිතම් එක එකතු කරලා ලෝකය විනාශ කරන්න....වොෂින්ටන් නීල් දෙන්නාට කැට් කියනවා සේටර්ට පිළිකාවක් තියෙන නිසා එයා මරාගෙන මැරෙන සැලැස්මක් ලෑස්ති කැගෙන ඇති කියලා...ඉතිං එයාලා නිගමනය කරනවා කැට් සේටර්ගේ දෙන්නාගේ වියට්නාම් ගමන ඒ අවස්ථාව කියලා...

ඔයාලාට මතක ඇතිනේ චිත්‍රපටය පටන් ගන්නකොට ඔපෙරා හවුස් එකේදි වෙන සිද්ධිය..ඒක පිටිපස්සේ හිටියෙත් සේටර් කියලා අපි දන්නවා..ඒ සිද්ධිය වෙලා තියෙන්නෙත් මේ වියට්නාම් ගමන අතරතුර තමයි...වියට්නාම් ගමනෙදී බෝට්ටුවේ හිටපු සේටර් පිටවෙලා යනවා මේ ඔපෙරා හවුස් එකේ සිද්ධිය වෙනුවෙන්...ඒ වෙලාවේ සේටර්ගේ අපරාවර්තනය නැත්තම් පසුපසට එන සේටර් මෙතනට ඇවිත් ලෝකයේ අවසානය වගේම තමන්ගේ අවසානය ගත කරයි කියලා මෙයාලා අනුමාන කරනවා...


මයිකල් ක්‍රොස්බි ,වොෂින්ටන් හම්බවුනාම කියනවා ඔපෙරා හවුස් සිදුවීම දවසේම සේටර්ට අයිති අත්ඇැලා දාපු රුසියාවේ ස්ටාල්ස්ක් 12 පිපිරීමක් ගැන...එතනදී ඇල්ගොරිතම් එක ගන්න තමයි අන්තිම මෙහෙයුම විදියට එයාලා කරන්න යන්නේ....ඉතිං මේ අන්තිම මෙහෙයුමටත් එයාලා යන්නේ ද්වි දිශා ප්‍රහාරයක් විදියට...

ඒ කියන්නේ අපි හිතමු අපි කණ්ඩායම් දෙකකට බෙදිලා වැඩක් කරන්න යනවා.වැඩේට හම්බවෙන්නේ පැයයි කියමු....දැන් පලවෙනි කණ්ඩායම team A වැඩේ පටන් ගන්නේ 10 ට කියලා හිතමු...එයාලා 10 ට පටන් අරන් 11 වෙනකම් වැඩේ කරනවා...එතකොට අනිත් කණ්ඩායම team B වැඩේ පටන් ගන්නේ 11ට...එයාලා 11ට පටන් අරන් 10 වෙනකම් ආපස්සට යනවා..කණ්ඩායම් දෙකම එකම වෙලාවට වැඩේ පටන් ගත්තෝත් මොකද වෙන්නේ...එතකොට වෙන්නේ A කණ්ඩායම B කණ්ඩායම වැඩේ පටන් ගන්න තැනට යනවා...පසුපසට ගිය B කණ්ඩායම A කණ්ඩායම වැඩේ පටන් ගත්ත තැනට යනවා...එහෙම කලාම කණ්ඩායම් දෙකට හුවමාරු කරගන්න පුළුවන් අනිත් අයට ඉස්සරහට මොනාද වෙන්නේ කියලා....


ඉතිං මේ විදියට වොෂින්ටන් ඉන්න රතු කණ්ඩායම ඉස්සරහටත් නීල් ඉන්න නිල් කණ්ඩායම පිටුපසටත් තමයි මේ වැඩේට යන්නේ...කණ්ඩායම් දෙකටම හම්බවෙන වෙලාව විනාඩි 10යි....මේ මෙහෙයුමයන අතරතුර සේටර් මැරුණොත් අැල්ගොරිතම් එක ක්‍රියාත්මක වෙනවා...ඒ නිසා සේටර් ජීවත් වෙලා ඉන්නකොට ඇල්ගොරිතම් එක බෝම්බයෙන් බේරගන්න වැඩේ තමයි වොෂින්ටන් නීල් ප්‍රමුඛ කණ්ඩායම් දෙකේ ප්‍රධාන අරමුණ වෙන්නේ ..

මේ වෙනකොට කැට් සේටර්ව මරන්න වෙලාව එනකම් වියට්නාම් වල බෝට්ටුවට වෙලා බලන් ඉන්නවා..මෙතන ඉන්නේ කැට්ට වෙඩි තියලා ආපස්සට ආපු සේටර්ම තමයි...එයා ආපස්සට ඇවිත් ආපහු ද්වාරයකින් ඉස්සරහට ගිහිං තමන්ගෙ වගේම ලෝකයේම අවසානය බලනන තමයි මෙතන ඉන්නේ...අපවර්තිත උණ්ඩයකින් තියපු නිසා කැට් මැරිලා කියලා තමයි සේටර් හිතන් ඉන්නේ...ඒ නිසා බෝට්ටුවේ ඉන්නේ අනාගතයේ ඉදන් ආපු කැට් නෙවෙයි කියලායි සේටර් හිතන්නේ....කොහොම හරි සේටර් නොහිතපු වෙලාවක කැට් සේටර්ව මරන්නේ මෙහෙයුමත් ඉවර වෙන්න කලින්..


මෙහෙයුම අතර තුරු අපි දකිනවා ආපස්සට ගිය නීල් ද්වාරක් හරහා ආපහු ඉදිරියට එනවා කියලා...ඒ ඇවිත් ඇල්ගොරිතම් එක තියෙන තැනට යන්න හදන වොෂින්ටන්වයි අයිව්ස්යි නවත්තන්න හැදුවත් එනන මාර්ගය වැහෙනවා...ඊට පස්සේ නීල් උඩට ගිහිං වොෂින්ටන්ට වගේම අයිව්ස්ටයි උඩට එන්න කේබල් එක දානවා...⁣ඇල්ගොරිතම් එක ගන්නවා...වොෂින්ටන් උඩට අයිව්ස් උඩට එනවා..මෙහෙයුම ඉවරයි...


අන්තිමට තමයි වැදගත්ම තොරතුරු ටිකක් ආපහු එන්නේ...අන්තිමට නීල් අයිව්ස් එකක් මෙහෙයුමේ අතීතයක් නිර්මාණය කරන්න යනවා කියනවා...එතකොට වොෂින්ටන් දකිනවා එයා ඔපෙරා හවුස් එකේදී වගේම ටිකකට කලින් ඇල්ගොරිතම් එක ගන්න ගියාම වහලා තිබුණ යකඩ දොර එහා පැත්තේ ඉදන් ඇරපු ඒ දෙන්නාගෙම බෑග් එකේ  තිබුණ පොඩි ටැග් එකක් වගේ දෙය නීල්ගේ බෑග් එකෙත් තියෙනවා...එතනදී වොෂින්ටන්ට තේරෙනවා ⁣නීල් මේ යන්නේ ඇල්ගොරිතම් එක ගන්න යකඩ දොර අරින්න ආපහු අතීතයට කියලා...දැන් මං අර කලින් කිටපු අවුරුදු 20 ඉදන් අවුරුදු 15 ට ආපස්සට ගියාම වෙන දේ තේරුම් ගත්තා නම් දැන් ඔයාලාට තේරෙන්න ඕන මෙතන බෝම්බේ පුපුරන වෙලාවේ නීල් වගේම තුන් දෙනෙක් ඉන්නවා..නිල් මෙහෙයුම පටන් ගන්නකොට හෙලිකොප්ටරය බාන තැන පෙන්නන වාහනයෙත් හෙලිකොප්ටරයෙත් බෝම්බය නවත්තන්න දොර අරින තැනත් ඒ තුන්දෙනා ඉන්නවා....ඉතිං බෝම්බය පුපුරනකොට එතන ඉන්න නීල් මැරෙනවා...එ කියන්නේ මෙහෙයුමේ සාර්ථකත්වය වෙනුවෙන් නීල් එයාගේ ජීවිතය පරදුවට තියනවා...එතකොට අනිත් නීල්ගේ අනුරූප දෙකට මොකද වෙන්නේ...?අමතන කරන්න එපා ඒ නීල් අනුරූප දෙක එතන මැරෙන නීල්ගේ අතීතය කියලා....කොහොම වුනත් නීල් මැරෙනවා...


අවසානයේදී නීල් තව වැදගත් කරුණු ටිකක් කියනවා අපිට මේ කතාව ලිහාගන්න...වොෂින්ටන් මෙහෙම්මම ඉස්සරහට යනවා...ඒ කියන්නේ සාමාන්‍ය  විදියට වයසට යනවා. අනාගතයේ දවසක ඒ අතරමඟදී තරුණයයෙක් හම්බවෙනවා...ඒ තමයි නීල්...ඒ දෙන්නා එකතු වෙලා ගොඩාක් සමීපව ලොකු වැඩ කොටසක් කරනවා කියලාත් නීල්ගෙ කතාවෙන් තේරෙනවා...එතකොට දවසක මේ අනාගතය සේටර් හරහා ලෝකය විනාශ කරන එක නවත්තන්න වොෂින්ටන් මේ නීල්ව අපවර්තනය කරනවා,නැත්තම් ආපස්සට එවනවා....ඒ එවන්නේ ඔපෙරා හවුස් එකේ්දී වොෂින්ටන්ට අපවර්තිත උණ්ඩයක් වදින්න යන තැනේදි වොෂින්ටන්ව බේරගන්න...එතන ඉදන් නීල් වොෂින්ටන් එක්ක එයාට අනාගතයේ වොෂින්ටන් පැවරුව රාජකාරිය හරියට ඉවරක් කරන එක තමයි නීල් කරන්නේ....  මුළු මෙහෙයුමම ද්වි දිශා මෙහෙයුමක්..එහෙමයි නීල් කියන්නේ.. ඒ වගේම  මේ  මෙහෙයුම වෙන කාගෙවත් නෙවෙයි වොෂින්ටන්ගෙමයි....


අන්තිමට වෙන්නේ මොක්කද කියලා බලලා මේක අපි අවසන් කරමු...මතකනේ අන්තිම මෙහෙයුමට යන්න කලින් කැට්ට වොෂින්ටන් ෆෝන් එකක් දෙනවා ..ඒ දීලා කියනනේ මොකක් හරි කරදරයක් වගේ නම් කෝල් එකක් දෙන්න කියලා...අන්තිමට සේටර් නැති කැට්ට එයාගේ පුතා ළඟට යන්න පුළුවන් කාලයක් එනවා...ප්‍රියා කැට්වත් මරන්න යනකොට කැට්ට සැක හිතිලා වොෂින්ටන්ට අර ෆෝන් එකෙන් පණිවිඩයක් තියෙනවා...කැට් ඉන්නේ වොෂින්ටන්ට දවසක් පිටුපසින්....මතකනේ ව්යට්නාම් යන්න කැට්ට වැඩි පුර දවසක් ආපස්සට යන්න කියනවා...ඉතිං කැට්ගේ පණිවිඩය වොෂින්ටන්ට එන්නේ පරක්කු වෙලා...එතකොට වොෂින්ටන් කරන්නේ අතීතයට ගිහිං ඒ දවසේ එතනටම ගිහිං ප්‍රියාව මරණ එක....


වොෂින්ටන් එහෙමම ඉස්සරහට යනවා...ටෙනට් සංවිධානය එක්ක වැඩ කරලා දවසක නීල් කියපු විදියට දෙන්නාම එකතු වෙයි....


දවස් දෙකක පැය ගානක මහන්සියෙන් ලියපු ලිපිය හිතුවට වඩා දිග වුනත් මං හිතනවා මං ගෙනාපු මේ කරුණු ටික ෆිල්ම් එක තේරුම් ගන්න ඇති කියලා...මොනා වුනත් නොලන්ගේ ෆිල්ම් එකක් තේරුම් ගන්න ලේසි නැහැ...මට වැරදුණු මොනා හරි තියෙනවා නම් නැත්තම්  ඔයාලා හිතනවා නම් මෙතන වුනේ මේකයි කියලා ඔයාලගේ අදහසත් එකතු කරන්න...

🔴තව ටිකක් කතාව තේරුම් කරන්න මේ ටිකත් එකතු  කරන්නම්...


තේරුනේ නැති අයට තව විදියකට පැහැදිලි කරන්නම්....හිතන්න ඔයා යාපනයේ ඉඳන් නුවරට A9 පාරේ එනවා කියලා...ඔයා නුවරට ආවම ආපහු ඔයාට යාපනයට යන්න ඕන වෙනවා ..ඒකට ඔයා ආපු මංතීරුවෙම යන්න බැහැනේ..පාරේ අනිත් පැත්තට යන්න වෙනවා...දැන් ඔයා අනිත් පැත්තට ගිහිං යන්න හදනටකාටම හිතන්න කාලය ආපස්සට ගමන් කරන්න ගන්නවා...ඔයා ඒක හිතන්නේ නැතුව යාපනයට යනවා...අන්න එතකොට ඔයා දකිනවානේද ඔයාට සමාන්තරව පාරේ එහා පැත්තේ ඔයා වගේම කෙනෙක් ඔය වලේම කාර් එකක ආපස්සට යනවා වගේ...(මොකද කාලය ආපස්සට යන නිසා..)..

එන්ට්‍රොපිය ආපස්සට වැඩකරලා ඔයා රිවර්ස් යනවා කියන්නේ කාලය ආපස්සට යනවා කියන එක සරලව තේරුම් ගන්න...එන්ට්‍රොපිය රිවර්ස් යනකොට ඔයා වගේ දෙන්නෙක් එකට පේන්නේ එහෙමයි......

 

තව පොඩ්ඩක් අමාරුවේ දාන්නම්...😁😁


දැන් හිතන්න ඔයා දඹුල්ලට වෙනකම් විතර ඔහොම ගියාම එකපාරට ආපහු හරවගෙන නුවරට යනවා කියලා...දැන් කාලය සාමාන්‍ය විදියට ඉස්සරහට යනවා නම් ඔයාට පේන්න ඕන ඔයා වගේ තව කෙනෙක් එක පැත්තක ඉස්සරහට යනවා...තව කෙනෙක් ආපස්සට යනවා...එතකොට දැන් පාරේ නුවර දඹුල්ල අතර ඔයා වගේ තුන්දෙනායි...අන්න එහෙම දෙයක් තමයි රිවර්ස් ගිහිං ආපහු ටර්න්ස්ටයිල් එකකින් ඉස්සරහට ආවම වෙන්නේ....


එතකොට හිතන්න ඔයා අපවර්තනය වෙන්නේ නැත්තම් පිටුපසට යන්නේ 2020 ඉදලා කියලා...2020 ඉදන් ආපස්සට ගියාම ඔයාට 2019,2018,2017 වෙලා කාලය ආපස්සට යන්නේ නැහැ...ඔයාට ඒ පහු කරන් ආපු කාලය ආපහු පහු කරන් යන එකයි වෙන්නේ...මේක ටයිම් ට්‍රැවල් සීන් එකක් නෙවෙයි නිසා ඔයා ආපස්සට ගියා කියලා ඔයාගේ වයස අඩු වෙන්නේ නැහැ...ඒත් ඔයා පහු තරන් ආපු හැමදේම ආපහු පහු කරනවා...ඒකයි ඔයයි ඔයාගේ ඉස්සරහට යන දෙන්නායි දෙන්නෙක් ඉන්නේ...

දැන් හිතන්න 2017 දී ආපහු ද්වාරයෙන් ඉස්සරහට යනවා කියලා...එතකොට ඔයා අර දෙන්නාවත් පහු කරගෙන 2020 වෙනකම් යනවා...2020න් පස්සේ ඉන්නේ ඔයා විතරයි නිසා 2020න් පස්සේ ඔයා සාමාන්‍ය විදියට 2021,2022 අවුරුදු වලට යනවා....ඔයා ආපස්සට ගිය 2020ට ඔයාට අවුරුදු 30ක් නම් දැන් ආපස්සට ගිහිං ආපහු 2020ට අාපු ඔයාට අවුරුදු 30ක් නෙවෙයි 36ක් වෙනවා...ඒකට හේතුව විදියට ආපහු කියන්න තියෙන්නේ ඉන්වර්ට් වෙනවා කියන්නේ කාලය ආපස්සට යනවා කියන එක නෙවෙයි...කාලය හැම වෙලේම යන්නේ ඉස්සරහට...ඔයා තමයි ඉස්සරහට පස්සට ඔයාගේ එන්ට්‍රොපිය වෙනස් කරගන්නේ...



ප:ලි:..The Sator Square නැත්තම් සේටර්ගේ චතුරස්‍රය කියන්නේ මොකද්ද කියලා කියන්නම්...මේක වචන 5 ක කොටුවක්...

                                      

මේ වචන පහ බලන්න...මුල ඉඳන් අගටත් අග ඉඳන් මුලටත්,උඩ ඉඳන් යටටත් යට ඉඳන් උඩටත් කියෙව්වාම එකම වචන ටික තමයි හම්බවෙන්නේ...මේක නොලන් එයාගෙ කතාවේ ප්ලොට් එක තේරුම් කරන්න පාවිච්චි කලා කියලා තමයි කියන්නේ....

මේ කතාවේ ප්‍රතිවීර චරිතය තමයි SATOR...සේටර්ගේ සමාගම තමයි ROTAS....සෙටර් කැට්ව එයා යටතේ තියන් ඉන්න පාවිච්චි කරන ව්‍යාජ චිත්‍රය ඇදපු කෙනා තමයි AREPO...සේටර් ඇල්ගොරිතම් එක ගන්න උත්සහ කරන්නේ OPERA හවුස් එකේදී...ඒක නවත්වන්න උත්සහ කරන්නේ TENET ...මේ වචන ට්ක තමයි තියෙන්නේ...

මේක චිත්‍රපටයට යොදාගත්තට මේක ඇත්තටම පොම්පෙයි,රෝමය,සිරීයාව වගේ රටවග් වල නටඹුන් වලින් හම්බවෙලා  තියෙන  චතුරස්‍රයක්...ඒක ගැන වෙනමම කතා කරමු...දැනට මේක නොලන් එයාගේ චිත්‍රපටයට පාවිච්චි කරලා තියෙනවා කියලා දැනගන්න...





                  

                                                                                                   - අනුෂ්ක රසාංජන ද සිල්වා -





Comments

Popular Posts