The Father Movie Overview

 🔴"The Father" movie overview



මේ වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශවී සිටින ඇන්තනී හෝප්කින්ස් රංගනයෙන් දායකවු The Father චිත්‍රපටය ගිය වසරේ සම්මාන උළෙලවල කිහිපයකම ප්‍රදර්ශනය කල  නමුත් කොවිඩ්-19 වසංගතය නිසා මේ වසරේදී ප්‍රේක්ෂකයන්ට නරඹන්නට හැකි වු විශිෂ්ඨ සිනමාපටයක් වනවා...

චිත්‍රපටයේ කතා වස්තුව ගෙතී ඇත්තේ නිතර නිතර අමතක වීමේ රෝගයෙන් හා බුද්ධිය හීන වන රෝගයකින් පෙළෙන වයස්ගත ඇන්තනී නම් චරිතය වටා වෙයි..වයසත් සමඟ මිනිසුන්ගේ හැසිරීමේ වෙනස් වීම්,ආකල්ප හා ජීවන රටාවේ වෙනස් වීම් මනාව පෙන්වීමට සමත් වී ඇති අතර කතාව ගලාගෙන යන ආකාරයට සාමාන්‍ය නාට්‍යමය චිත්‍රපට වලින් මිදී ප්‍රේක්ෂකයන් කුතුහලයෙන් ඇඳ බැඳ තබා ගැනීමට නිර්මාණකරුවා සමත් වී තිබිමත් දැකගත හැකි වේ....කතාව හරහා සමාජයට දෙන වටිනා ආදර්ශය තරුණ වැඩිහිටි පරපුර විසින් අනිවාර්යෙන් උකහා ගත යුතු කරුණක් බව චිත්‍රපටය අවසානයේ පසක් කරන්නේ දවසක අපද ඇන්තනී නම් චරිතය කරා ළඟා වන බවද මතක් කරමින්....


චිත්‍රපටයේ අභිනමය හැසිරීම මනාව චරිත තුලින් පෙන්වා ඇති අතර ඒ සඳහා ඇන්තනී හෝප්කින්ස් මෙන්ම චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන Olivia Colman ගේ රංගනයද විශිෂ්ඨ මට්ටමක තිබෙන බව කිව යුතුය...ක්ෂණයෙන් වෙනස් වන හැඟීම් සියුම්ව ඒ ක්ෂණයෙනම ප්‍රේක්ෂකයාට දනවන්න චරිත හරහාම පෙන්වාදීමට සමත් වී ඇති මේ චිත්‍රපටයේ පසුබිම් සංගීතයද ඊට සරිලන පරිදි මනාව යොදාගෙන ඇත... 

එකම පසුතලයක් වටා කිසිදු එළිමහන් දර්ශනයක් නොමැතිව ගලාගෙන චිත්‍රපටය නරඹන්නාට  කිසිදු උදාසීනත්වයක් ඇති නොවන ලෙස ගෙතීමට කලින් කී කුතුහලයද සමත් වී තිබීම සුවිශේෂී වෙයි...එමෙන්ම එම කුඩා ඒකාකාරී පසුතලය යොදාගෙන චිත්‍රපටයේ  වර්ණ හා ආලෝකය සිනමාරූපීව හසුරා ඇති ආකාරයද ඇත්තටම විශිෂ්ඨ බව කිය යුතුමය...


ඇන්තනී හෝප්කින්ස් නම් රංගන ශිල්පියාගේ සුපුරුදු අද්විතිය රංගනයෙන් හැඩ වු මෙම චිත්‍රපටය මඟනොහැරගෙන නරඹන්නට ඔබට ආරාධනා කරන්නේ මෙවර හොඳම නළුවා සම්මානය ඇන්තනී හොප්කින්ස්ට ලැබීමට සුදුසු වන තරමට ඒ රංගනය විශිෂ්ඨ වන නිසාමයි....


                                      -අනුෂ්ක රසාංජන ද සිල්වා-





Comments

Popular Posts