Tumbbad සිනමාකරණය
Tumbbad සිනමාකරණය
ආනන්ද් යනු බොලිවුඩයේ වර්තමාන පරපුර නියෝජනය කරන විශිෂ්ඨ අධ්‍යක්ෂකවරයෙක් ලෙස හදුන්වාදෙන්නට පුළුවන්....ආනන්ද්ගේ මුල්ම චිත්‍රපටය ලෙස සැලකෙන 2013 වසරේදි නිකුත් වන Ship of Thesus යනු විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබු විශිෂ්ඨ සිනමාපටයක් වනවා...ඔහු විසින් සම අධ්‍යක්ෂණය හා සම තිරරචනය හරහා 2018 දී නිකුත් වු Tumbbad යනු බොලිවුඩයේ මෙතෙක් බිහිවු විශිෂ්ඨ හොරර් ත්‍රිලර් ශනාරයේ විශිෂ්ඨතම චිත්‍රපට ලෙස හදුන්වාදෙන්නට පුළුවන්...ආනන්ද්ගේ ප්‍රථම චිත්‍රපටය වු විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබු තවත් එක් විශිෂ්ඨ බොලිවුඩ් චිත්‍රපටයක් වු Ship of Thesus මෙන්ම Tumbbad චිත්‍රපට ද්විත්වය බොලිවුඩයේ සිනමැටෝග්‍රැෆිකරණය අතින් විශිෂ්ඨත්වය මවා පෑමට සමත් වු සුවිශේෂී චිත්‍රපට දෙකක් වනවා...
මේ චිත්‍රපටය ද්විත්වයේම ආනන්ද් අධ්‍යක්ෂකවරයා ලෙස කටයතු කල අතර මේ අධ්‍යක්ෂකවරයා ලෙසම චිත්‍රපටයක සිනමැටෝග්‍රැෆිකරණයේ විශිෂ්ඨත්වයට හේතු වන සිනමැටෝග්‍රැෆිකරණ ශිල්පියා ලෙස මේ චිත්‍රපට ද්විත්වයට දායක වී ඇත්තේ දක්ෂ සිනමැටෝග්‍රැෆිකරණ ශිල්පියෙක් වන Pankaj Kumar යන ශිල්පියා වෙයි...ඔහුගේ සිනමැටෝග්‍රැෆිකරණයේ ආරම්භය සනිටුහන්කරන චිත්‍රපටයත් Ship of Thesus වන අතර ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට වන විශාල් බාරද්වාජ්ගේ Haider සහ Rangoon චිත්‍රපට වල මෙන්ම මෙග්නා ගුල්සාර්ගේ Talvar චිත්‍රපටයේ ද සිනමැටෝග්‍රැෆිකරණ ශිල්පියා වන්නේ මොහුම වෙයි...
චිත්‍රපටයේ සිනමැටෝග්‍රැෆිකරණය ගැන අවධානය යොමු කිරිමේදී මුලින්ම කතා කල යුතු වන්නේ කැමරාකරණය ගැනයි...චිත්‍රපටය පුරාම කැමරාකරණය සිදුකර ඇත්තේ හොරර් ශනාරයේ චිත්‍රපට සඳහා සුලභව යොදා ගන්නා Hand Held shot වෙයි....එයින් චිත්‍රපටයේ භීතිය කුතුහලය හා ව්‍යාකූලත්වය මනාව තීව්‍රව පෙන්වීමට නිර්මාණකරුවා සමත් වී ඇත...එමෙන්ම සමීප රූප එනම් Close up shot හරහා චිත්‍රපටයේ චරිත වල අංග රචනයන් මනාව ඉස්මතු කිරීමට සමත් වී ඇති අතරම භාවිතා කර ඇති අඩු Long Shot හරහා වුවද ඉතා අලකාර රූපරාමු පෙන්වා ඇති අයුරුත් කැමරාකරණයේ විශිෂ්ඨත්වය විදහා දක්වයි...
මීළඟට වර්ණභාවිතය හා අලෝකකරණය...මේ දෙක සිනමැටෝග්‍රැෆිකරණයක වෙනමම විෂයන් දෙකක් වුවත් බොහෝ හොලිවුඩ් නිර්මාණකරුවන් මේ දෙක සමපාත කරවමින් රූපරාමු වලට අර්ථයක් මෙන්ම අලංකාරයක් එක් කිරීමට සමත් වී ඇති බව දැක ගත හැකිය වනු ඇත...... එකී ශිල්පක්‍රමය අපූර්ව තුම්බාඩ් චිත්‍රපටයේ යොදාගෙන ඇති නිසාම මේ චිත්‍රපටය බොලිවුඩයේ සිනමැටෝග්‍රැෆිකරණය විශිෂ්ඨ ලෙස මවාපෑ චිත්‍රපටයක් ලෙස හදුන්වාදිය හැකි වනු ඇත...චිත්‍රපටයේ තේමාව බොහෝ දුරට ගින්දර සහ ලේ සමඟ සමපාත කරවීමට සිනමාකරුවා චිත්‍රපටයේ වර්ණ භාවිතය හා ආලෝකකරණය පවා උපයෝගී කරගෙන ඇති බව දැකිය හැකිය....ඒ නිසාම චිත්‍රපටයේ සුලභව රතු සහ කහ වර්ණය ඉස්මතු කර ඇති අයුරු දැක ගත හැකි වේ...ගින්දර සමඟ මුසු වු කහ වර්ණය හරහා ආලෝකකරණය සමඟ Associative colour යෙදුම වර්ණභාවිතය හරහා භාවිතා කර ඇති අයුරු දැකගත හැකිවේ...චිත්‍රපටයේ කහ වර්ණය සමඟ ආලෝකකරණය හරහා චරිතවල අංග රචනයන් ඉස්මතු කර ඇති ආකාරය මෙන්ම මුහුණේ ඉරියව් වෙනස්වීම් මෙන්ම චරිත වල හැසිරීම මනාව රූපරාමු තුල සංයෝජනය කිරීමට නිර්මාණකරුවා දක්ෂ වී අැති ආකාරය දැක ගත හැකිවේ... එමෙන්ම අවසන් සටන ලේ සහ ගින්දර සමඟ සෙල්ලමක් ලෙස සනිටුහන් කිරීමට වර්ණ හා ආලෝකය මනාව හසුරා ඇති ආකාරය දැකගත හැකි වෙයි...
මී ළඟට චිත්‍රපටයේ පසුතල නිර්මාණය ගැන අවධානය යොමු කිරීමේදී කතාතේමාවට සරිලන අලංකාර පෞරාණික පෙනුමකින් යුත් පසුතලයක් මෙන්ම කුඩා වපසරියක වුවත් ආලෝකකරණය හා කැමරා සංයෝජනය හරහා ලඝු කර ඇති අයුරු දැක ගත හැකි වෙයි...විනායක්ගේ නිවස හා ඉපැරණි දේව මන්දිරය යන සුළු පසුබිම් දර්ශන තුල රූපරාමුවෙන් රූපරාමුවට අලංකාරයක් එකතු කිරීමට වර්ණභාවිතය ආලෝකකරණය යොදාගෙන අැති ආකාරය චිත්‍රපටයේ අධ්‍යක්ෂක,සිනමාඡායාරූප ශිල්පියා හා කලා අධ්‍යක්ෂකගේ විශිෂ්ඨ සුසංයෝගය කියා පාන්න සමත් වී ඇත....
එසේ නිර්මාණය වී ඇති Tumbaad චිත්‍රපටය යනු බොලිවුඩයේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨ චිත්‍රපටයක් වීමට අනෙක් ශිල්පීන් වන සංගීත අධ්‍යක්ෂකවරු වන Ajay - Athul දෙදෙනා සමඟ Jesper Kyd තිදෙනාගේ විශිෂ්ඨත්වය මෙන්ම සංස්කරණය ශිල්පියාගේ විශිෂ්ඨත්වය මෙන්ම අනෙක් සියළු තාක්ෂණික ශිල්පීන්ගේ කැපවීම හා හැකියාව අගය කල යුතුම වනවා....ඊට මුසු වූ රංගන ශිල්පීන්ගේ රංගන කෞෂල්‍යය සමඟ ගත් කල Tumbbad යනු චිත්‍රපටයක ආරාම්භයේ සිට අවසානය දක්වා දායක වන සියළු ශිල්පීන්ගේ විශිෂ්ඨත්වය විදහා පෑ චිත්‍රපටයක් ලෙස හදුනවා දිය හැකි වේ...
-අනුෂ්ක රසාංජන ද සිල්වා


Comments
Post a Comment