පර්යේෂණාත්මක සිනමාව හා රොන් ෆ්‍රයික්ගේ සිනමාව
සිනමාව අධ්‍යනය කිරීම සිනමාව රසවිඳීම තරම්ම රසවත් වෙන්නේ සිනමාව යනු විවිධත්වයෙන් අනූන කලාත්මක මෙන්ම නිර්මාණශීලීත්වයෙන් විවිධ පරාසයන්ට පියනැඟිය හැකි විෂයක් වන නිසාමයි....
සිනමාව සැබෑවටම පුළුල් පරාසයක විහිඳ ගිය විෂය පථයක් බව යළි යළිත් මට වැටහුනේ Ron Fricke ගේ Baraka හා Samsara චිත්‍රපට ද්විත්වය නැරඹිමෙන් පසු ඒ ගැන කල අධ්‍යනයකින් පසුවෙයි...
Ron Fricke ගේ Baraka චිත්‍රපටය ගැන මීට පෙර Malintha Imalka Vithanage සෙහොයුරාගේ ලිපියකින් කියවු අතර Samsara චිත්‍රපටය මට ඡායාරූපකරණ ශිල්පයේ මුලකුරු කියාදුන් Anuja Lavan Somarathne Silva ගුරුතුමාගේ නිර්දේශයක් නිසා නැරඹිට පෙළඹුණු චිත්‍රපට ද්විත්වයක් වුනා..ඉතිං ඒ අනුව චිත්‍රපටය නැරඹීමට සොයාබැලු පසුව මං දැනගත්තේ මේ චිත්‍රපට දෙකම එකම අධ්‍යක්ෂකවරයාගේ සිනමා නිර්මාණ ද්විත්වයක් ලෙසයි...Baraka චිත්‍රපටය 1992 වසරේදීත් Samasara චිත්‍රපටය 2011 වසරේදිත් නිකුත් වෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ප්‍රමුඛ නිෂ්පාදන කාර්යය මණ්ඩලයේ දැඩි කැපවීමක් හා පරිශ්‍රමයක ප්‍රතිඵලයක් අනුව බව චිත්‍රපට ද්විත්වය නරඹන ඔබට වැටහෙන්නට ඇති..Baraka සහ Samasara යනු අධ්‍යක්ෂක ෆ්‍රයික් එකම ආකාරයේ ආකෘතියකට සිදුකල වෙනස් ආකාරයේ වාර්තාමය චිත්‍රපට ද්විත්වයක් ලෙස නැරඹු ඔබට පෙනෙන්නට ඇති...
චිත්‍රපට ද්විත්වය හරහා පෙන්වන විශිෂ්ඨ සිනමැටෝග්‍රැෆිකරණය හා කැමරාවට අසුකරගෙන ඇති රුපරාමු වල ප්‍රබලත්වය Baraka චිත්‍රපටය පැයකුත් විනාඩි තිහකට ආසන්න කාලයකුත් Samsara පැයයි විනාඩි හතළිහකට ආසන්න කාලයකුත් යන කාල සීමාව තුල දකින්නට ලැබේ...ඒ එක් එක් රූපරාමු ඇතැම් අවස්ථාවලදී සියුම්ව සම්බන්ධ වුනත් බොහෝමයක් එකට එකක් නොගැලපෙන යම් අසමානතාවක් දක්වන ඒවා බව චිත්‍රපටය නැරඹු ඔබ අත්විඳින්න ඇති...මේ චිත්‍රපට ද්විත්වය අනෙකුත් වාර්තාමය චිත්‍රපට වලට වඩා යම් වෙනස් ස්රූපයක් ගන්නා බව ඔබට වැටහෙන්නට ඇති....මේ චිත්‍රපට ද්විත්වය අනෙක් වාර්තාමය චිත්‍රපට වල මෙන් බාහිර හඬක් නොමැති නැත්නම් Non - Narrative චිත්‍රපටය ද්විත්වයක්ද වීම තව තවත් ඒ කරුණ මතුකරවන්න හේතු වන්නට ඇති....ඊට හේතුව මේ චිත්‍රපට ද්විත්වය වාර්තාමය චිත්‍රපටය අතරට නොව පර්යේෂණාත්මක චිත්‍රපට වලට අයත් වන චිත්‍රපට ද්විත්වයක් වීමයි...
Baraka හා Samsara චිත්‍රපට නැරඹීමෙන් පසුව කල සොයා බැලීමකින් පර්යේෂණාත්මක චිත්‍රපට නැත්නම් Experimental Film ගැන කරුණු දැනගන්නට ලැබුණි...චිත්‍රපට ප්‍රභේද යටතේ වෙනමම කතාකරන පර්යේෂණාත්මක චිත්‍රපට පිළිබඳව හොඳම අර්ථ දැක්වීම පර්යේෂණාත්මක සිනමාකරුවෙක් වු ජේ.ජේ මර්ෆි විසින් සිදු කර ඇත..."තේමාත්මක අර්ථ නිරූණය යන්න සාහිත්‍යයෙන් පැමිණියෙකි...එය සාම්ප්‍රදායික වෘත්තාන්ත චිත්‍රපට වලට කාන්දු වී ඇත්තේ ඒ හාරහාය...ඒත් මේවා පර්යේෂණාත්මක චිත්‍රපට වලට බද්ධ කල යුතු නොවෙයි... පර්යේෂණාත්මක චිත්‍රපට යනු එවැනි සාම්ප්‍රදායන්ට එරෙහි වැන්නකි."..ඔහුගේ අර්ථ දඅක්වීම අනුව පර්යේෂණාත්මක සිනමාවේ තේමාවන්ට අර්ථයක් නොමැත...සරලවම Experimental Films යනු සාම්ප්‍රදායික ආඛ්‍යානයෙන් මිඳී වෙනස් ආඛ්‍යානයෙන් සිදු කරනු ලබන චිත්‍රපට ප්‍රභේදයක් වනවා...
මේ පර්යේෂණාත්මක චිත්‍රපට වල ආකෘති ද්විත්වයක් ඇත...එනම් Abstract Form හෙවත් වියුක්ත ආකෘතිය හා Associational Form හෙවත් සංඝටනීය ආකෘතිය වේ..මෙහි දෙවැන්න සංඝටනීය ආකෘතිය නැත්නම් Associational Form කොටසට මේ Baraka හා Samasara චිත්‍රපට ද්විත්වය අයත් වෙයි...මේ සංඝටනීය ආකෘතියකදී සිදු වන්නේ එකිවෙකට වෙනස් සම්බන්ධයක් රහිත රූපරාමු එකතු කර ඉදිරිපත් කිරීමක්...ඒවා බද්ධ වී ඇති ආකාරය අනුව ප්‍රේක්ෂකයා ඒ ඒ රූපරාමුවලට අර්ථයක් හෝ සම්බන්ධයක් සෙවීමට පොළඹන බව ඒ ආකෘතියේ චිත්‍රපට වල පොදු ලක්ෂණයක් බව කියවෙයි..මේ පොදු ලක්ෂණය Baraka හා Samsara චිත්‍රපට ගැන මා ඉහත සඳහන් කල වෙනස් ස්රූපයට හේතුව වෙයි...
මේ චිත්‍රපට ආකෘතියට දක්වන හොඳම උදාහරණය හා ෆ්‍රයික්ගේ චිත්‍රපට වලට ආභාෂය වු චිත්‍රපටය ලෙස සැලකෙන්නේ Godfrey Reggio නම් නිර්මාණකරුවාගේ Koyaanisquatsi නම් පර්යේෂණාත්මක චිත්‍රපටයයි...එම්.ඩී මහින්දපාල විසින් පරිවර්තනය කර ඇති සිනමාකලාව නම් කෘතියේ මේ ආකෘතිය ගැන මෙන්ම මේ koyaanisquatai චිත්‍රපටයේ මේ ආකෘතිය යොදාගෙන ඇති ආකාරය පෙන්වා දෙයි..එම චිත්‍රපටයේ විවිධාකාර වස්තූන් ඇතුළත් රූපරාමු ඉදිරිපත් කර ඇත...ගුවන් යානා,උමං මාර්ග,වලාකුළු,රොකට් යන්ත්‍ර හා පදිකයන්ගෙන් පසුව එක්වරම යන්ත්‍රයකින් සෙසේජස් නිකුත් වන රූපරාමුවක් දක්වයි...පසුව එය පදිකයන්ගේ සීඝ්‍රගාමි චලනයකට ජේදනය වන ලෙස ඒවා එකිනෙකට වෙනස් සම්බන්ධයන් නොමැති රූපරාමු වන අතර එහෙත් ඒ හරහා නවීන ලෝකය තුල මිනිසා පවා ද්‍රව්‍යමය ඒකකයක් බවට පත්වී ඇති ආකාරය පෙන්වන බව පැවසෙයි...එනම් සිනමාකරුවා අසමාන දේ හරහා කිසියම් සංඝටයක් මතුකරවීමට උත්සහ දරා ඇත්තේ පර්යේෂණාත්මක චිත්‍රපට ශෛලියට අනුගත වෙමින් වෙයි ...මේ ආකාරයේ චිත්‍රපට වලට තවත් උදාහරණයක් වන්නේ 1958පදී නිකුත් වු A movie චිත්‍රපටයයි...මේ චිත්‍රපට වල වාර්තාමය චිත්‍රපට මෙන් පසුබිම් කථන නැති...හුදෙක් එකිනෙකට වෙනස් රූපරාමු පමණයි...
දැන් Baraka හා Samsara චිත්‍රපට වල ආකෘතිය ගැන ඔබට වැටහීමක් ඇති බව සිතනවා...Koyaanisquatai චිත්‍රපට වල ආභාෂය ලබාගෙන රොන් ෆ්‍රයික් සිය අධ්‍යක්ෂණයෙන් හා සිනමැටෝග්‍රැෆිකරණයෙන් විශිෂ්ඨත්වය මවා පෑ Baraka හා Samsara චිත්‍රපට ගැන අප දැන් විමසා බලමු...Baraka යනු රටවල් 24ක ස්ථාන 152 ක මාස 14ක් පුරාවට සිදුකල රූගත කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස සඳහන් වෙයි..Baraka චිත්‍රපටයෙන් පසුව 2006 දී එවැනිම චිත්‍රපටයක් සඳහා එකතු වන චිත්‍රපට කණ්ඩායම ඉන්පසු වසර තුනක කාලයක් රටවල් 25ක සිදුකල රූගත කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස 2011 දී Samsara චිත්‍රපටය නිකුත් වෙයි....
Baraka යනවචනය චිත්‍රපටය සඳහා තෝරාගෙන ඇත්තේ සුෆි නම් මුස්ලිම් ජනවර්ගයේ වචනයක් ඇසුරෙන් වෙයි...එහි අර්ථය 'ශාන්තිය' හෝ ' ආශිර්වාදය' වෙයි...පොළොව මතුපිට මනුෂ්‍යවර්ගයා උප්පත්තියේ සිට තමන් තමන්ගේ ශාන්තිය වෙනුවෙන් අතීතය හා වර්තමානය තුල සිදුකරන ආර්ථික සමාජීය , දේශපාලනික ආගමික හා සංස්කෘතික අරගලය 'බරකා' චිත්‍රපටය තුලින් ඉස්මතු කරවන බව මාගේ අදහසයි....එකි අදහස ඉස්මතු කරවීමට ලෝකයේ විවිධ ජනකොටස් වල විවිධ ආගමික සමාජීය සංස්කෘතික අංගයන් රූපරාමු හරහා ගෙන ඇවිත් ඇති අතර ඒවා එනිනෙක සම්බන්ධ කරවීමට උත්සහා නොගෙන විවිධත්වයක් එකතු කර ඇත්තේ මෙය පර්යේෂණාත්මක චිත්‍රපටයක් වන නිසා විය යුතුයි...නමුත් සමස්තයක් ලෙස චිත්‍රපටය හරහා පෙන්වීමට උත්සහ කරන කලින් කියු අරගය හා ඇතැම් විට එක් එක් රාමුව තුල තමන්ගේ භූමිකාව සිදු කිරීමට මනුෂ්‍ය වර්ගයා දරණ වෑයමත් ඒ වෑයම අවසානයේ ගිමන් හරින අයුරුත් අවසානයේ විඩාවට පත්ව ගමන අවසන් කර නික්ම යාමත් නම් ඒ ඒ විවිධත්වය මුසු රූපරාමු හරහා චිත්‍රපටයෙන් අරුත් ගැන්වීමට උත්සහ කර ඇති බව දක්නට ලැබෙයි...වානරයාගේ සිට පරිණාමය වු මනුෂ්‍ය වර්ගයා ගහකොළ සතා සිවුපාවුන්ගෙන් මිඳි සිමෙන්ති හා යකඩ මුසුවු කොන්ක්‍රීට් වනාන්තරවල එකම ජීවන රටාවකට අසුවී සමහරු සුඛොපභෝගි ජීවිතවලත් තවත් සමහරු අන්ත අසරණ දුගී ජීවිත වලත් සිදු කරන වෙනස් අරගල ගිනිගොඩකට හෝ පස්පිඬකට සීමාවන බව මේ රූපරාමු වල අර්ථයක් ලෙස අපට ගොඩනඟා ගත හැකි වෙයි...මේ මනුෂ්‍ය වර්ගයාගේ අරගලයට අතරතුර වෙනස් වන ස්භාවදර්මය හා මනුෂ්‍ය වර්ගයා ඉතිහාසය තුල සිදු කල දේවල් හා ඒවායේ ඵල විපාක අතැමැදි රූපරාමු ලෙස Baraka චිත්‍රපටයෙන් දැකගත හැකි වෙයි...
Samsara නම් බුදුදහමේ අප හදුන්වන සංසාරය යන අර්ථයයි...ඉපදීමේ සිට මරණය තෙක් හි නැවත ඉපදීම දක්වා ගෙවෙන චක්‍රයයි..තථාගතයාණන් වහන්සේ සංසාරය ගැන මෙසේ වදාලා ඇත
., “අනමතග්ගොයං භික්ඛවේ සංසාරො පුබ්භාකෝටි න පඤ්ඤායති” ..එහි සිංහල අර්ථය නම් “මහණෙනි මේ සංසාරය නො දක්නා ලද අගක් ඇත්තේ ය, එහි මුල පටන්ගැනීම නො පෙනෙන්නේය” වේ..එනම් සංසාරය අගක් නැති මුලක් නැති චක්‍රයක්ම බව පැහැදිලි වෙයි...ඒ චක්‍රය මෙලොව ජීව අජීව සියල්ල ගෙවා දමමින් සිටියි....මනුෂ්‍යයාගේ උපත හා මරණය පෙන්වමින් ආරම්භ වන සම්සාරා චිත්‍රපටයේ රූපරාමු තලින්ද පෙන්වන්නේ බරාකා චිත්‍රපටයේ මෙන් මනුෂ්‍ය වර්ගයා සංසාර චක්‍රය තුල සිදුකරන අරගලය වෙයි...බරාකා චිත්‍රපටයට වඩා තරමක් සංකීර්ණ රූපරාමු පෙළක් සම්සාරා චිත්‍රපටයෙන් පෙන්වීමට අධ්‍යක්ෂකවරයා සමත් වී ඇත....මනුෂ්‍ය වර්ගයා පිටතින් පමණක් නොව ඇතුලතින් තමන් සමඟ සිදුකරන අරගලයද සියම් ලෙස සම්සාරා තුලින් ගෙන ඇවිත් ඇති බව දක්නට ලැබෙයි...අඩ නිරුවත් පිරිමි රූප අසල බුරුකා ඇඳගත් කාන්තාවන්,ජීවිත් වීම පිණිස ආහාර ගත් මනුෂ්‍යයා ආහාර වෙනුවෙන ජීවත් වන ආකාරය වැනි රූපරාමු තුල සිතන්යට යමක්ද ඉතිරිකර ඇත...මනුෂ්‍ය වර්ගයාගේ අවශ්‍යතාවයන් නිසා ලේ කිරි මෙන්ම කඳුළු වගුරන අයද මේ රූපරාමු තුල පෙන්වා ඇත්තේ සංසාරය නම් අනෙක විඳ අත්විඳින දුක් කම්කටොළු විඳින මේ චක්‍රය සියළු ජීවීන්ට පොදු බව පෙන්වමින් වෙයි...එමෙන්ම චිත්‍රපටයේ තවත් අර්ථවත් සුවිශේෂී රූපරාමු කිහිපයක් වෙයි...ඇතැමුන් ආගම නම් සුළියට අසුවන ආකාරයත් චිත්‍රපටය ආරම්භයේ හා අවසානයේ ටිබෙට් හිමිවරුන් සකස් කරන අලංකාර මෝස්තරය හරහා මේ සංසාර චක්‍රය තුල සියල්ලෙහි අනිත්‍යතාවය රූපරාමු තුල විශිෂ්ඨ ලෙස සලකුණු කර ඇති බව දක්නට ලැබේ...
ෆ්‍රයික් මේ ආකෘතියේ සිනමාකරණය අත්හදා බලා ඇත්තේ 1985 වසරේ නිකුත් වන Chronos චිත්‍රපටයෙන් බව පැහැදිලි වෙයි...එහි සිනමාකරණයේ ඔහුට ආවේණික සුවිශේෂීතාවයේ වරුධනයක් ලෙස බරාකා හා සම්සාරා සැලකිය හැකි අතර එම චිත්‍රපට වල සිනමැටෝග්‍රැෆිකරණයද කතා කල යුතුමය...70 mm පටල කැමරාවකින් චිත්‍රපට ද්විත්වයම රූගත කර ඇති අතර මේ චිත්‍රපට ද්විත්වයට කිසිදු දෘශ්‍ය ප්‍රයෝග භාවිතයකින් තොරව ස්භාවික ආලෝකයද මනාව හසුරවා ඇති බව දැකිය හැකි අතර චිත්‍රපටයේ වේග දර්ශන සඳහා විශේෂ Time Lapse කැමරායක්ද යොදාගෙන ඇත....කැමරාකාචය සැමවිටම ස්භාවදර්මයේ කැඩපතක් සේ හසුරවා ඇති බව දක්නට ලැබෙන රූපරාමු නිසාම චිත්‍රපටය ඇසට පහසු මෙන්ම ප්‍රියජනක බවක් උපදවයි...
අවසාන වශයෙන් යළිත් මතක කරන්නේ ඔබ සිනමාව විෂයක් ලෙස හැදැරීමට කැමැත්තෙන් පසුවනවා නම් හෝ හදාරණවා නම් පමණක් නොවෙයි විවිධත්වය මුසු වු සිනමාවේ විවිධ පරාසයන් වල අත්දැකීම් ලබාගැනීමට කැමැති අයෙක් නම් අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපට ද්විත්වයක් ලෙස රොන් ෆ්‍රයික්ගේ Baraka හා Samsara චිත්‍රපට ද්විත්වය ඉහළින්ම නිර්දේශ කරන්නෙමි....
-අනුෂ්ක රසාංජන ද සිල්වා-
Comments
Post a Comment