Skip to main content

Posts

Featured

Kabhi Alvida Naa Kehena

 කිසිදා සමුගන්නා බව නොපවසන්න...❤ සමුගැනීමකදී ඒ සමුගැනීම අසම්පූර්ණයි නම් හමුවීමත් නියතයි.....ඉතිං සමුගැනීම අසම්පූර්ණයි නම් කිසිදා සමුගන්නා බව නොපවසන්න.... කරන් ජොහාර් නම් සිනමා අධ්‍යක්ෂකවරයාගේ  හමුවීම් හා වෙන්වීම් අතර දෝලනය වෙන  බැඳීම් වලට අරුතක් එකතු කල Kabhi Alvida Naa Kehena  යනු බොලිවුඩයේ වාණිජ සිනමා ධාරාවේ වෙනස්ම ගැඹුරු අරුතක් ඇති  නිර්මාණයක් ලෙස හදුන්වාදෙන්නට පුළුවන්.... පළමු කොටස යටතේ චිත්‍රපටයේ අරුත් විවරණය ගැන විමසා බලන්නට මෙත්තෙන් මෙහි කතා සාරාංශය මතක් කර ගනිමු... දේව් යනු පාපන්දු ක්‍රීඩා සමාජයක ජනප්‍රිය හා දක්ෂ  ක්‍රීඩකයෙක් වෙයි...ඔහු විවාහ වී සිටින්නේ ඔහුගේ උසස් පාසලේ මිතුරියක් වුද ඉන් පසුව  රැකියාව වශයෙන් මෝස්තර නිරූපණ සඟරාවක ප්‍රධාන අධ්‍යක්ෂක ධූරයක් දරණ රියා සමඟ වෙයි...අහම්බෙන් දේව්ට මායාව හමු වෙන්නේ මායා හා රිෂිගේ විවාහ දිනය දවසේදී වෙයි...ඒ හමුවීම කෙළවර වන්නේ දේව් රිය අනතුරකට මුහුණ දෙමින් වන අතර ඉන්පසුව ඔහුගේ පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස  ක්‍රීඩා කිරිමේ සිහිනය බොඳව යයි.... වසර පහකට පසුව දේව් - රියා දෙදෙනාට කුඩා දරුවෙක් සිටින අතර දේව්ට නැව...

Latest posts

පර්⁣යේෂණාත්මක සිනමාව හා රොන් ෆ්‍රයික්ගේ සිනමාව

DEVDAS සම්මානනීය සිනමා කාව්‍ය

TENET movie explanation